නූතන මනෝවිද්‍යාවේ දියුණුවත් සමඟින් මනෝවිද්‍යාඥයින්‍ගේ අවධානයට යොමු වූ ප්‍රධාන මාතෘකාවක් විදිහට ලිංගික ගැටලු සහ අපරාධ යන්න හඳුන්වා දිය හැකි යි. ලිංගික ගැටලු ඇති වීම සඳහා මූලික වශයෙන් බලපානු ලබන්‍නේ පුද්ගල පෞරුෂයේ පවතින ආබාධ සහිත තත්ත්වයක්. කෙසේ වෙතත් ලිංගිකත්වය යනු ජීවියාගේ පැවැත්මට අදාළ වන දේහවිද්‍යාත්මක ප්‍රේරණයක් හෙවත් පෙළැඹුමක් විදිහටයි මනෝවිද්‍යාව තුළ විග්‍රහ වන්‍නේ. සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සිය මනෝවිශ්ලේෂණ විග්‍රහයන්හි දී පෙන්වා දෙනුයේ පුද්ගල පෞරුෂයේ වර්ධනයට අවශ්‍යය කරන අත්‍යවශ්‍යය සාධකයක් වශයෙන් ලිංගිකත්වය හා ලිංගික ආශාව.
Wednesday, September 11, 2013
සංඡානනය යනු කුමක් ද?
මනෝවිද්‍යාව තුළ වැඩි ප්‍රමුඛතාවක් හිමි වන ප්‍රධාන විෂය ක්ෂේත්‍රයක් වශයෙන "සංඡානනය" හෙවත් "සංවේදනය" හඳුනා ගත හැකි ය. අපගේ පඤ්චේන්ද්‍රියයන් මඟින් මනසට දැනුම ලබා ගැනීම සංඡානයේ දී සිදු කෙරේ. තවත් ලෙසකින් කිවතොත්, බාහිර ලෝකයේ ක්‍රියාකාරීත්වයන් හා තත්ත්වයන් පිළිබඳ විවිධ අරමුණු මොළය මඟින් ග්‍රහණය කර ගැනීම සංඡානනය යි. පෙරදිග මනෝවිද්‍යාව තුළ සංඡානනය යන්න වඩාත් ගැඹුරින් හා සුවිශේෂී අන්දමින් විස්තර කෙරේ.
Labels:
මනෝවිද්‍යා මූලධර්ම
Monday, August 5, 2013
මනෝවිද්‍යාව හඳුනා ගැනීම...
දර්ශනය තුළින් බිහි වූ විද්‍යා විෂය ධාරාවක් වන මනෝවිද්‍යාව, මනස හා මානසික ජීවිතය පිළිබඳ ඉගැන්වීම් පාදක කොට ගෙන ගොඩනැඟී තිදබේ. අතීතයේ දී මනෝවිද්‍යාව හඳුන්වා තිබෙන්නේ අධ්‍යාත්මික විද්‍යාව යනුවෙනි. පෙරදිග මෙන් ම අපරදිග චින්තනය තුළ ද අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වා දිය හැකි ය. Psyche + logy යන ග්‍රීක හා ලතින් පදයන්ගේ සුසංයෝගයෙන් සකස් වූ Psychology යන වචනය තුළින් මනෝවිද්‍යාව යන්න හඳුනා ගනු ලැබේ. Psyche යනු මනස හෙවත් ආත්මය යි. Logy යනු හැදෑරීම හෙවත් අධ්‍යනය කිරීම යි. ඒ අනුව, Psychology යන වචනයෙන් ආත්මය පිළිබඳ හැදෑරීම හෙවත් මනස පිළිබඳ අධ්‍යනය කිරීම ආදී අරුත් දෙයි.
Labels:
මනෝවිද්‍යාව හඳුනා ගැනීම
Subscribe to:
Posts (Atom)


