Pages

Pages

Wednesday, September 11, 2013

ලිංගික ගැටලු සහ අපරාධ පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක්....


නූතන මනෝවිද්‍යාවේ දියුණුවත් සමඟින් මනෝවිද්‍යාඥයින්‍‍ගේ අවධානයට ‍යොමු වූ ප්‍රධාන මාතෘකාවක් විදිහට ලිංගික ගැටලු සහ අපරාධ යන්න හඳුන්වා දිය හැකි යි. ලිංගික ගැටලු ඇති වීම සඳහා මූලික වශ‍යෙන් බලපානු ලබන්‍‍නේ පුද්ගල‍ ‍පෞරුෂ‍යේ පවතින ආබාධ සහිත තත්ත්වයක්. ‍‍‍කෙ‍සේ ‍වෙතත් ලිංගිකත්වය යනු ජීවියා‍ගේ පැවැත්මට අදාළ වන ‍දේහවිද්‍යාත්මක ‍‍ප්‍රේරණයක් ‍හෙවත් ‍පෙළැඹුමක් විදිහටයි ම‍නෝවිද්‍යාව තුළ විග්‍රහ වන්‍‍නේ. සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සිය ම‍නෝවිශ්ලේෂණ විග්‍රහයන්හි දී ‍පෙන්වා දෙනුයේ පුද්ගල ‍පෞරුෂ‍යේ වර්ධනයට අවශ්‍යය කරන අත්‍යවශ්‍යය සාධකයක් වශ‍යෙන් ලිංගිකත්වය හා ලිංගික ආශාව. 

සංඡානනය යනු කුමක් ද?


ම‍නෝවිද්‍යාව තුළ වැඩි ප්‍රමුඛතාවක් හිමි වන ප්‍රධාන විෂය ක්ෂේත්‍රයක් වශයෙන "සංඡානනය" ‍හෙවත් "සංවේදනය" හඳුනා ගත හැකි ය. අප‍ගේ පඤ්චේන්ද්‍රියයන් මඟින් මනසට දැනුම ලබා ගැනීම සංඡානයේ දී සිදු ‍කෙරේ. තවත් ‍ලෙසකින් කිව‍තොත්, බාහිර ‍ලෝක‍යේ ක්‍රියාකාරීත්වයන් හා තත්ත්වයන් පිළිබඳ විවිධ අරමුණු ‍මොළය මඟින් ග්‍රහණය කර ගැනීම සංඡානනය යි. පෙරදිග ම‍නෝවිද්‍යාව තුළ සංඡානනය යන්න වඩාත් ගැඹුරින් හා සුවිශේෂී අන්දමින් විස්තර ‍කෙ‍රේ.