Pages

Pages

Wednesday, September 11, 2013

ලිංගික ගැටලු සහ අපරාධ පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක්....


නූතන මනෝවිද්‍යාවේ දියුණුවත් සමඟින් මනෝවිද්‍යාඥයින්‍‍ගේ අවධානයට ‍යොමු වූ ප්‍රධාන මාතෘකාවක් විදිහට ලිංගික ගැටලු සහ අපරාධ යන්න හඳුන්වා දිය හැකි යි. ලිංගික ගැටලු ඇති වීම සඳහා මූලික වශ‍යෙන් බලපානු ලබන්‍‍නේ පුද්ගල‍ ‍පෞරුෂ‍යේ පවතින ආබාධ සහිත තත්ත්වයක්. ‍‍‍කෙ‍සේ ‍වෙතත් ලිංගිකත්වය යනු ජීවියා‍ගේ පැවැත්මට අදාළ වන ‍දේහවිද්‍යාත්මක ‍‍ප්‍රේරණයක් ‍හෙවත් ‍පෙළැඹුමක් විදිහටයි ම‍නෝවිද්‍යාව තුළ විග්‍රහ වන්‍‍නේ. සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සිය ම‍නෝවිශ්ලේෂණ විග්‍රහයන්හි දී ‍පෙන්වා දෙනුයේ පුද්ගල ‍පෞරුෂ‍යේ වර්ධනයට අවශ්‍යය කරන අත්‍යවශ්‍යය සාධකයක් වශ‍යෙන් ලිංගිකත්වය හා ලිංගික ආශාව. 


ඒ අනුව නීට්‍‍ෂේ නම් දාර්ශනිකයා අවධාරණය කළේ ලිංගික ආශාව යනු මූලික මිනිස් ලක්ෂණයක් බවත්, එය විනාශ කර දමනවා යනු මූලික මිනිස් ලක්ෂණයක් විනාශ කර දැමීමක් බවත් ය. "තාපසයන් විසින් සිදු කරනු ලබන්‍‍නේ ලිංගික ආශාව ‍පෞරුෂයෙන් තුරන් කර දැමීමට උත්සාහ කිරීම යි. මේ නිසා සිදුවන්‍‍නේ ‍පෞරුෂය අඩපණ වීම යි" යන ඔහු‍ගේ ප්‍රකාශය තුළින් ඒ බව පැහැදිලි ‍‍වෙයි. 

‍‍කෙ‍සේ වෙතත් අපට ලිංගිකත්වය, ලිංගික ආශාව සහ ලිංගික තෘප්තිය පිළිබඳ ව සාකච්ඡා කරන්නට සිද්ධ වන්‍‍නේ නීතිය, සදාචාරය හා සමාජ පැවැත්ම යනාදී සාධකවලට යටත්වයි. සාංස්කෘතික ගතිලක්ෂණවලින් ‍හෙබි සමාජයීය වටපිටාවක හැදුණු වැඩුණු අප තුළ ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් තරම් අව‍බෝධයක් නැතත්, ‍නො දැනුවත් ව ‍හෝ අප සියලු ‍දෙනා ම ඒ ‍කෙ‍රෙහි මුළු ජීවිත කාලය පුරා ම දක්වන්‍‍නේ වැඩි අවධානයක්. සිග්මන් ‍‍ෆ්‍රොයිඩ්‍‍ගේ පෞරුෂ විග්‍රහයට අනුව ලිංගිකත්වය යනු කුඩා කල සිට ම හැඩගැසෙන්නක්.

ලිංගිකත්වය මූලික වශ‍යෙන් ස්ත්‍රී  පුරුෂ වශ‍යෙන් ද්විඛණ්ඩනය කළ හැකි මුත් ලිංගික චර්යා‍යවේ දී නම් විවිධ ස්වරූප හඳුනා ගත හැකි යි. ඒ ස්ත්‍රී + පුරුෂ ලිංගික චර්යා, පුරුෂ + පුරුෂ හා ස්ත්‍රී  + ස්ත්‍රී වශ‍යෙන් හඳුනා ගත හැකි සමලිංගික චර්යා ‍මෙන් ම මිනිසුන් + සතුන් අතර ඇති වන ලිංගික ව්‍යපගමනයන් වශ‍යෙන්. ‍‍ෆ්‍රොයිඩ් දක්වන අන්දමට ලිංගිකත්වය ආදි යුග‍යේ දී කිසිඳු අව‍රෝධයකින් ‍තොර ව ක්‍රියාත්මක වී ති‍බේ. එනම්, සදාචාරය විසින් මිනිසා වෙත තහංචි පනවා ‍නො තිබුණු යුග‍යේ දී සමාජය තුළ අවිචාරවත් ලිංගික චර්යාවන් පුද්ගලයින් අතර පැවැති බව යි. ඒ අනුව බාගවිට එක ම පවු‍ලේ ස‍හෝදර සහෝදරයින් ‍මෙන් ම මාපිය දූදරුවන් අතරත්, විස්කෘත පවුල්වල ඤාතීන් අතරත් ලිංගික සම්බන්ධතා පැවැතුණු බව හඳුනා ගන්න පුළුවන්. එ‍සේ වුවත්, ‍හොඳ නරක ආදී හෘද සාක්ෂිය මූලික ‍කොට ගත් සදාචාරාත්මක වර්ධනයන් මත උපරිඅහංභාවය ‍හෙවත් සුපර් ඊ‍ගෝ නම් මානසික පාලනයකට යටත් වීමට මිනිසාට සිදු වූ‍යේ ය. උදාහරණයක් වශ‍යෙන් ආදි කාල‍යේ දී එක ම පවු‍ලලේ පුද්ගලයන් අතර ලිංගික සබඳතා පැවැත්වීම වරදක් ලෙස ‍නො සැලකූවත්, වර්තමානය වන විට එය අපරාධ නීතිය යට‍තේ පවා බරපතල වරදක් විදිහට යි ගැ‍නෙන්නේ. උපරිඅහංභාවය විසින් මඬනා ලදුව පුද්ගලයා සදාචාර පරිණතියකට යටත් ‍කොට නීතිය මඟින් තහංචි පනවා තිබුණත් එකී පදනම ‍‍නො සලකා හරිමින් කැමැත්‍‍තෙන් හෝ අකමැත්තෙන් එබඳු ලිංගික සබඳතා පැවැත්වීම වර්තමාන සමාජය තුළත් නැත්තේ ම ‍නො ‍වේ. ‍කෙසේ ‍වෙතත්, පුද්ගලයා තුළ පවතින ‍‍නො‍යෙක් අපගාමී ‍පෞරැෂ ලක්ෂණයන් නිසා විකෘති ලිංගික චර්යාවන් සමාජය තුළ ක්‍රියාත්මක වන බව ‍නො රහසක්. එ‍බඳු විකෘති හා ලිංගික චර්යාත්මක ගැටලු කිහිපයක් ‍මෙසේ හඳුනා ගන්න පුළුවන්.

01. ප්‍රදර්ශන කාමුකත්වය (EXHIBITIONISM)

සිය ලිංගික අවයවයන් අන්‍යයන්ට ප්‍රර්ශනය කරමින් එතුළින් මානසික වශයෙන් තෘප්තිමත්භාවයට පත් වීම මෙයින් අදහස් ‍කෙ‍රේ.

02. දර්ශන කාමුකත්වය (VOYEURISM)

අනුන්ගේ ලිංගික අවයවයන් හා අන්‍ය ලිංගික ක්‍රියාකාරකම් බාගවිට ඔවුන්ටත් නො දැනීම බලා හිඳිමින් එතුළින් මානසික ආස්වාදයක් විඳිමින් ලිංගික උත්‍‍තේජනයක් ලැබීම දර්ශන කාමුකත්වය නම් ‍වේ.

03. පුජාලාංඡන භක්තිය (FETICHISM)

විරුද්ධ පාර්ශවයන්ට අයත්, ඔවුන් විසින් පරිහරණය කරනු ලබන හිස‍කෙස්, යටඇඳුම් ආදී විවිධ දෑ ළඟ තබා ගමිනින් හා ඒවා ‍කෙරෙහි දැඩි ආශා‍වෙන් බැ‍ඳෙමින් මානසික තෘප්තියක් ලැබීම යි.

04. ස්වපීඩන කාමුකත්වය (MASOCHISM)

තමා විසින් ම ‍හෝ අනුන් ලවා තමා වෙත යම් ‍වේදනා ‍ගෙන ‍දෙන ක්‍රියාවන් සිදුකරවා ‍ගෙන එතුළින් ලිංගික උත්තේජනයන්ට හුරු වීම තුළින් ලිංගික ආස්වාදයක් බලා‍පො‍රොත්තු වීම ස්වපීඩන කාමුකත්වය යි.

05. පරපීඩන කාමුකත්වය (SADISM)

ද්‍‍වේශසහගත ව ‍හෝ ලිංගික ආ‍වේග මත විරුද්ධ ලිංගිකයා ‍‍වෙත දැඩි පීඩා හානි ‍වේදනා පමුණුවමින්, තමා නිසා එ‍සේ ‍වේදනා‍වෙන් ‍පෙ‍ළෙනු දැක එතුළින් මානසික වශ‍යෙන් ලිංගික ආස්වාදයක් විඳ ගැනීම යි. ‍දිනපතා මාධ්‍ය ඔස්‍‍සේ වාර්තා වන විවිධ ලිංගික අපරාධ ‍දෙස අවධානය ‍යොමු කරන විට වර්තමාන සමාජය තුළ වැඩි ම ලිංගික අපරාධ ප්‍රමාණයක් ‍මෙම පරපීඩන කාමුකත්වයට නැඹුරු වූවන් තුළින් සිදු වන බව පැහැදිලි ‍වෙයි. ‍බො‍හෝ විට කුඩා කල දී ‍‍දෙමාපිය ගුරුවර වැඩිහිටි ආදීන්‍‍ගෙන් විඳින්නට සිදු වූ දඬුවම් ආදිය නිසා ‍පෞරුෂ‍යේ ඇති වූ යම් යම් දුර්වලතා ඇතුළු තවත් නොයෙකුත් ‍හේතු සාධක ‍මෙවැනි තත්ත්වයන් ඇති වීම ‍කෙ‍රෙහි බලපාන්නට ඇත.

06. නෂ්ටකාමය (IMPOTENCY)

ලිංගික චර්යාවන්හි නියැලීමට දැඩි ආශාවක්, කැමැත්තක් තිබුණ ද තමන් තුළ පවතින ලිංගික අප්‍රාණිකත්වය ආදී කායික ‍‍හේතු සාධක ඊට බාධා පැමිණවීම නෂ්ටකාමය යන්නෙන් ප්‍රකාශ ‍වේ.

07. නිර්මදතාව (FRIGIDITY)

මෙය හු‍දෙක් කාන්තාවන් සඳහා බලපාන්නකි. බිය - චකිතය ආදී මානසික ‍හේතුසාධක ‍හෝ වෙනයම් කායික ගැටලුකාරී තත්ත්වයන් මුල් ‍කොට ‍ගෙන ලිංගික ක්‍රියාවන්හි නියැලීමට ඇති මන්දගාමීත්වය ‍හෝ උදාසීනත්වය ‍හෝ අකමැත්ත නිර්මදතාව යන්‍‍නෙන් ප්‍රකාශ ‍වේ.

මෙවැනි තත්ත්වයන් මත ලිංගික ‍ප්රේශරණය සන්තර්පණය කර ගැනීමට අභ්‍යන්තරික හා බාහිර වශ‍යෙන් බාධා පැමිණීම ‍හේතු‍වෙන් වර්තමාන සමාජය ‍බො‍හොමයක් කාම අපරාධයන්ට ‍යොමුව ඇති ‍සෙයක් දැකිය හැකි යි. එනම්, මානසික රෝගී තත්ත්වයන් ‍නිසා‍වෙන් තමන්ට තමන් ව ම පාලනය කරගත ‍‍නො හැකි ආ‍වේගයන් මත ‍මෙන් ම විවිධ සමාජ සංස්කෘතික කරුණු ද කාම අපරාධයන් සඳහා බලපා ඇති බව යි. එ‍බඳු අවස්ථා රාශියක් ලංකාවෙන් ‍මෙන් ම ‍ලොව නො‍යෙක් රටවලින් වාර්තා ‍‍වෙයි. ‍සෝවියට් රුසියා‍වේ එක්තරා තරුණ‍යෙක් වියපත් ස්ත්‍රියක සමඟ දිගින් දිගට ම ලිංගික සබඳතා පවත්වා ඇති අතර ඒ කාන්තාව විසින් එය නවතා දමන ‍ලෙස ඉල්ලා අවසාන වතාවට පමණක් සංවාසයට ආරාධනා කොට තරුණයා‍ගේ රහසඟ කපා දමා ති‍බේ. අනුරාධපුර ශ්‍රාවස්ති ප්‍රදේශ‍යේ දහතුන් හැවිරිදි පාසල් සිසු‍වෙකු සමවයසේ සිසුවියකට අතවර කිරීමට තැත් කළ අවස්ථා‍වේ දී ‍වෙනත් පුද්ගල‍යෙකු එය දැකීමෙන් ලැජ්ජාවට පත් ව, පළා ගොස් පසු ව පාළු ස්ථානයක රැක සිට ලී උලකින් ඇන ඒ සිසුවිය මරා දමා ඇගේ ඇස් ‍දෙක ද උගුල්වා දමා තිබූ පුවතක් මෑතක දී වාර්තා විය. ‍හදවත් ප්‍රකම්පනයට පත්කරවන ‍මෙවැනි ලිංගික අපරාධයන් ‍වෙත අවධානය යොමු කිරී‍මෙන් පැහැදිලි වන්‍‍නේ ‍යට දක්වන ලද පරිදි ලිංගික තෘප්තිය සන්තර්පණය කර ගැනීමට යා‍මේ දී අභ්‍යන්තරික සහ බාහිර වශ‍යෙන් බාධා පැමිණවී‍මෙන් ‍නො සිතූ විරූ කාමාපරාධයන්ට පුද්ගලයන් යොමු වන බව යි.

සිදුවන කාමාපරාධයන් අතරින් බහුල ව සිදු වන හා ප්‍රධාන වශ‍යෙන් හඳුනා ගත හැකි කාමපරාධයකි; ස්ත්‍රී දූෂණය. ලංකා‍වේ අපරාධ නීතිය යට‍තේ ස්ත්රීි දූෂණයක් යන්න මූලික කාරණා පහක් යටතේ අර්ථ ගන්වා ති‍බේ. එනම්,

1. ස්ත්‍රියගේ කැමැත්තට විරුද්ධ ව

2. ස්ත්‍රිය‍ගේ කැමැත්ත ‍නො මැති ව

3. සිහිවිකල් බවින් ‍පෙ‍ළෙන ‍හෝ උමතු‍වෙන් ‍පෙ‍ළෙන ‍හෝ බීමත් ව ‍සිටින හෝ ස්ත්‍රිය‍කගෙන් බලාත්කාර‍යෙන් කැමැත්ත ලබාගැනී‍මෙන්

4. වංචා සහගත ව ස්ත්‍රියක වරදට ‍පො‍ළොඹවා ගැනී‍මෙන්

5. කැමැත්ත ඇති ව හෝ නැති ව වයස අවු.12 ට අඩු නම් එවැනි දැරිවියක් හා සංසර්ග‍යේ ‍යෙදීමෙන්

යන අවස්ථා ප‍හෙන් එකකට ‍හෝ අයත් ‍වේ නම් එය ස්ත්‍රී දූෂණයක් ‍ලෙස හැඳින්වේ. ‍සෙසු අපරාධයන්ට සාපේක්ෂ ව ‍මෙහි විශේෂත්වයක් දැකිය හැකි ‍වේ. එනම්, ඕනෑම අපරාධයක අපරාධකරු සහ අපරාධයට භාජනය වන්නා යන ‍දෙපාර්ශවයක් සිටින අතර, ඊට ස්ත්‍රිය - පුරුෂ යන ‍‍දෙ‍කොට්ඨාසය ම අයත් වූවත් ස්ත්‍රී දූෂණය සම්බන්ධ‍යෙන් එවැන්නක් බලාත්මක නො වීම යි. ‍මෙහි දී පුරුෂයා විසින් අදාළ අපරාධය සිදුකරන අතර, සැම විට ම ස්ත්‍රිය එකී අපරාධයට බඳුන් වීම සිදු ‍වේ. අපරාධයක් සිදුවී‍මෙන් අනතුරු ව අපරාධය සිදු කළ තැනැත්තාට වඩා අපරාධයට ලක් වූ කාන්තාව‍ගේ මානසික අවපීඩනය අධික විය හැකි ය. ‍මේ නිසා ඇති වන ඉච්ඡාභංගත්වය විශාදය වැනි නි‍යු‍රෝසික ‍රෝගී තත්ත්වයන් කරා පවා වර්ධනය විය හැක. විශාද ‍රෝග‍යේ මූලික ස්වභාවය නම් කළකිරුණු ස්ත්‍රිය (පුද්ගලයා) තවදුරටත් අසාමාන්‍යය වශ‍යෙන් කළකිරීමට පත්වීමයි. එම තත්ත්වය බාගවිට ජීවිත කාලය පුරා ම වුව පැවැතිය හැකි ය. එවැනි තත්ත්වයන් ‍හේතු ‍කොට ‍ගෙන අපරාධයට ලක් වූ ස්ත්‍රිය තුළ පළිගැනීම වැනි ‍චේතනාවන් ‍හේතු‍වෙන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් වර්ධනය විය හැක. ‍මේ නිසා ඇතැම් විට මනුෂ්‍ය ඝාතන වැනි තවත් බරපතල අපරාධයන් කරා ‍යොමු වන අවස්ථාත් දක්නට ලැ‍බේ. ‍එ‍හෙත් එවැනි ඝාතනයන්ට ‍යොමු වූ අවස්ථා දුලබ මුත්, සුලබ වශ‍යෙන් වැඩි ප්‍රවණතාවක් දක්නට ලැ‍බෙන්‍‍ගේ තමාට සිදු වූ අපරාධය පිළිබඳ ව වූ පළිගැනීම තමා‍ තුළින් ම පිට කර ගැනීමට උත්සාහ දැරී‍මේ ප්‍රතිඵලයක් වශ‍යෙන් සිය දිවි හානි කර ගැනීම යි. ‍මේ ‍කවර ‍හෝ අංශයක් වෙත ‍යොමු ‍නො වුණු කල දූෂණය වූ කාන්තාවන් සමාජය කෙ‍රෙහි අධික වූ ‍වෛරයෙන් යුතු ව ගණිකා වෘත්තිය සඳහා ‍යොමු වන ප්‍රවණතාවක් ද දැන් දැන් වර්ධනය ‍වෙමින් පවතී. වි‍ශේෂ‍යෙන් තරුණ තරුණියන් අතර ඇතිවන ‍ප්‍රේම සම්බන්ධතාවල දී විවාහ කර ගන්නා බවට තරුණිය රවටා ලිංගික කාර්යයන්හි ‍යෙදී පසු ව අත්හැර දැමී‍ම ‍හේතු‍වෙන් සියදිවි නසා ගැනීම් හා ගණිකා වෘත්තියට ‍පෙ‍ළැඹීම් වැඩි වී ඇති බව වාර්තා වෙයි. ‍මෙරට දණ්ඩ නිති සංග්‍රහ‍යේ 362 (අ) වගන්තිය යටතේ ‍මෙවැනි වංචනික සංවාසය අපරාධයක් ‍ලෙස හඳුන්වා තිබේ. ‍මේ තුළින් පැහැදිලි වන්‍‍නේ ස්ත්‍රී දූෂණ වැනි කාමපරාධ ඉහළ යාම සහ ගණිකාවෘත්ති‍යෙහි ‍යෙදීම්, සිය දිවි නසා ගැනීම් වැනි සමාජ ‍ඛේදවාචකයන් අතර අනු‍ලෝම සබඳතාවක් පවතින බව යි. ලංකාව වැනි ‍පෙරදිග රටවල දක්නට ‍නො මැති මුත්, මැදපෙරදිග හා බො‍හොමයක් බටහිර රටවල පුරුෂ දූෂණය ද දක්නට ලැ‍බේ. වි‍ශේෂ‍යෙන් දැඩි ආගමික නීති රීතිවලින් ‍හෙබි සංස්කෘතික රාමුවක් තුළ ‍වෙ‍සෙන ආගමික නීතියට අනුව මහළු පුරුෂයන් සරණ ගිය මැද‍පෙරදිග කාන්තාවන් ‍පෙරදිග රටවලින් ඒ රටවල සේවය සඳහා පැමිණෙන තරුණයින් බිය වද්දා දූෂණය කොට ස්වකීය ලිංගික ආශාවන් සංතෘප්ත කරගත් අවස්ථාත් ‍‍බො‍හොමයක් වාර්තා ‍වේ. එ‍හෙත් එවැනි සිද්ධීන් එතරම් ප්‍රසිද්ධ නැත. ‍‍කෙසේ වෙතත්, වර්තමානය වන විට සංචාරක කර්මාන්ත‍යේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ ලාංකික ජන සමාජය විශාල විපර්යාසයකට ‍ගොදුරු ‍වෙමින් ති‍බෙන අතර ඒ තුළ පිරිමි ගණිකා වෘත්තිය වැදගත් ‍සේවාවක් බවට ද ‍පත් ව ති‍බේ. ‍බො‍හෝ සමාජ ජාල ‍වෙබ් අඩවි ඒ සඳහා සාක්ෂ්‍යය සපයයි.

ඇතැම් විට පුද්ගලයින් කාමාපරාධවලට ‍යොමු වීම සඳහා ළමා කාල‍යේ ඇති වන කාංසාව වැනි ‍මානසික ව්‍යාධීන් ද බලපානු ලැ‍බේ. එ‍සේ ම කාන්තාවන් කෙ‍රෙහි පවතින බිය, ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය, ‍දෙමාපියන්ගෙන් පැනැ‍නෙන තහංචි ආදී ‍වෙනත් කරුණු මත තමාට ලිංගික තෘප්තිය ලබන්නට ‍නො හැකි වීමත්, අනුන් ලිංගික තෘප්තිය ලැබීමත් නිසා ඇතිවන ඊර්ෂ්‍යාපරවශභාය ද ලිංගික අපරාධ ‍කෙරෙහි ‍යොමු කරවීමට ඉඩ ති‍බේ. වි‍ශේෂ‍යෙන් ස්ත්‍රිය තමා ව ප්‍රතික්ෂේප කරති යි යන මායා රෝගී තත්ත්වය ‍‍මෙහිලා ප්‍රමුඛත්වයක් ගනු ලබ යි. එ‍හෙයින් ස්වභාවික ක්‍රියාවලි‍යෙන් පළා ‍ගොස් අස්වාභාවික විකෘති කාමුක මාර්ග ඔස්‍‍සේ සංතෘප්තියට පත් වීමට උත්සාහ දරයි. රෝහල්වල මෘත ශරීරාගාරවල තරුණ ස්ත්රී  මළසිරුරු සඳහා පවතින ඉහළ ඉල්ලු ම මීට කදිම නිදර්ශනයකි. තවත් වි‍ටෙක ස්ත්‍රිය මරා දමා ඒ මළ සිරුර හා සංසර්ග‍යේ ‍යෙදුණු අවස්ථා ද දක්නට ලැ‍්බේ. එ‍සේ ම, ස්ත්‍රියක‍ගේ කැමැත්ත ලබා ඇය ආවාහ කොට ‍ගෙන ලිංගික කාර්යයන්හි ‍යෙදීමට ඇති බිය නිසා බලාත්කාර‍යෙන් කාන්තාවන් දූෂණය ‍කොට පසු ව ඇය මරා දැමූ අවස්ථා ද විටින් විට වාර්තා ‍වේ. 

වර්තමාන සමාජය තුළ සමලිංගිකත්වය ශීඝ්රූයෙන් ව්‍යාප්ත වී යාම ලිංගික අපරාධ සිදුවන බවට සාධකයකි. ස්ත්‍රී + ස්ත්‍රී හා පුරුෂ + පුරුෂ වශ‍යෙන් සිදුවන අස්වාභාවික ලිංගික ක්‍රියාවක් ලෙස සලකන සමලිංගිකත්වය සඳහා සමාජය යොමු වීමට බලපෑ ‍හේතු සාධක ‍බො‍හොමයක් හඳුනා ගත හැකි ය. ‍බො‍හෝ විට අපගාමී ‍පෞරුෂ ලක්ෂණයන් ‍මේ සඳහා මුල් වී ඇති බවක් ‍පෙ‍නේ. එසේ ම කුඩා කල දී සමීපත ම සමලිංගික වැඩිහිටියෙකු අතින් අප‍යෝජනයට ලක් වන දරුවන් ක්‍රම‍යෙන් වැඩිවියට පත්වත් ම එකී ‍වේදනාකාරී බව ඇතිවන ‍හෝ‍මෝනවල බලපෑම මත උත්‍‍තේජනයක් ‍ලෙස වරදවා වටහා ගනී. ස්වපීඩන හා පරපීඩන කාමුක ලිංගික චර්යාවන් කරා ‍යොමු ‍වේ. අනුක්‍රම‍යෙන් වර්ධනය වන ලිංගික අශාවන් තෘප්ත කර ගැනීමේ දැඩි කුතුහලය ‍හේතු‍වෙන් වැඩිවියට පත් ඔවුන් තමන් කුඩා කල ලත් අද්දැකීම් සිහිපත් ‍කොට සමවය‍සේ හා තවත් කුඩා දරුවන් ඒ කෙ‍රෙහි ‍යොමු කරවා ගැනීමටත්, ඒ ආධාර‍යෙන් ලිංගික තෘප්තිය ලැබීමටත් ‍‍පෙළැඹෙයි. එ‍සේ ම නිල් චිත්‍රපට නැරඹීම් හරහා අසීමිත ‍ලෙස වර්ධනය වන ලිංගික කුතුහලය මත සමවයසේ යහළු යෙ‍හෙළියන් අතර සිදුවන සමලිංගික ක්‍රියාදාමයන් ද හඳුනා ගත හැකි යි. වර්තමානය තුළ දැකිය හැකි නව ප්‍රණතාවක් නම් සමලිංගික වෙබ් අඩවි හා සමාජ ජාල ‍වෙබ් අඩවි හරහා සමලිංගිකත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත ‍කොට සමලිංගික මානසිකත්වයන් ‍ගොඩනැඟීමට උත්සාහ දැරීම යි. ය‍මෙකු සමලිංගිකත්වය සඳහා ‍පො‍ළොඹවා ගැනීමට එවැනි වෙබ් අඩවියක් තුළ පළ කරනු ලබන යම් දැන්වීමක් මත ප්‍රතිචාරය සමඟින් දුරකථන අංකය ‍යෙදීම පමණක් සෑ‍හේ. මහජන වැසිකිළි, නෘත්‍ය ශාලා ආදී ප්‍රසිද්ධ ස්ථානයන්හි ගිනි මද්දහ‍නේ පවා සමලිංගික අපරාධ විශාල වශයෙන් සිදුවන බව ‍නො රහසක් ‍නො ‍වේ. ‍පෙරදිගට පැමි‍ණෙන ඇතැම් සංචාරකයන්ට නම් ‍මේ වන විට ලංකාව යනු ‍පෙරදිග ‍ලෝක‍යේ පිරිමි සමලිංගික රාජධානියකි. ඒ වෙනු‍වෙන් ම ‍මෙරටට පැමි‍ණෙන වි‍දෙස් සංචාරකයන් ප්‍රමාණය වැඩි වී ඇත. 

අස්වාභාවික විකෘති ලිංගික චර්යාවන් අතර තිරිසන් සතුන් සමඟ සිදුවන සංසර්ගීය ක්‍රියාවලීන් පෙන්වා දිය හැක. ලාංකික සමාජය විෂ‍යෙහි මෙය එතරම් බල‍ ‍නො පවත්වන තත්ත්වයක් මුත් එවැනි විකෘති කාමුක අපරාධයන්ට ‍ගොදුරු වීම වැළැක්වීම සඳහා අවශ්‍යය නීති ‍රෙගුලාසි පනවා ති‍බෙන අයුරු දැකිය හැකි ය. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්ති‍ ප්‍රකාර ව යම් ස්ත්‍රියක ‍හෝ පුරුෂ‍යෙකු ස්වභාව ධර්මයට පටහැනි ව ස‍තෙකු සමඟ සංසර්ගයෙහි ‍යෙදෙත් නම් එවැනි තැනැත්‍‍තෙකුට ‍හෝ තැනැත්තියකට උපරිමය වසර දහයක සිර දඬුවමකට යටත් කළ හැකි ය. එ‍කිහෙත් ‍ගැටලුව වන්‍‍නේ තමා ලිංගික ‍ගොදුරක් බවට පත් වූ බව පැමිණිලි කිරීමට ‍හෝ අධිකරණය හමු‍වේ කියා පෑමට කිසිඳු සත්ත්ව‍යෙකු ඉදිරිපත් නො වීම යි. ‍සමස්තයක් වශ‍යෙන් ගත් විට පුරුෂ පාර්ශවයට වඩා ස්ත්‍රී පාර්ශවය සතුන් හා සංසර්ග‍යේ ‍යෙදුණු අවස්ථා බහුල ව වාර්තා වනවා පමණක් ‍නො ව, ඒ සම්බන්ධ වීඩි‍යෝ පට ද අන්තර්ජාලය තුළට මුදාහැර ඇත. අශ්වයන්, සුනඛයන්, බළලුන්, වඳුරන්, එළුවන්, බැටළුවන්, බූරුවන්, ‍කොටළුවන්, ගවයින් ආදී සත්ත්වයින් සමඟ පමණක් ‍නො ව, අලි ඇතුන් සමඟ ද ලිංගික සබඳතා පැවැත්වීමට ‍පෙළැඹීමට තරම් ‍මෙම විකෘති කාමුක මානසික ස්වභාවයන් බලවත් වී ඇත. ස්වභාවික ලිංගික ක්‍රියාවලීන්හි නිරත වීමට ඇති අධික බිය හා ඒ ‍හේතු‍වෙන් ඇති වන මානසික අවපීඩනය ඇතුළු ‍වෙනත් අපගාමී ‍පෞරුෂ ලක්ෂණ‍යෝ ‍මෙවැනි තත්ත්වයන් ඉහළ යාම සඳහා ‍හේතු වී ඇත.

මෙවැනි තත්ත්වයන් වළක්වා ‍ගෙන යහපත් ‍පෞරුෂයකින් හෙබි පුද්ගලයින්ගෙන් යුත් සමාජයක් ‍ගොඩ නඟා ගැනීම පිණිස අපි අනුගමනය කළ යුත්තේ කවර ක්‍රියාමාර්ගයක් ද යන්න වෙනම ම ලිපියකින් සාකච්ඡා කරමු.

ලියන්නේ: පංචන ජයසිංහ

2 comments:

  1. The casino bonus is one of the most popular at
    This means you can spend money at the 바카라노하우 casino without ever losing. The casino bonus gives you an 스포츠 토토 라이브 스코어 extra bet 분석 15 셉인소 free spins on any slot machine 파라오 바카라 over a

    ReplyDelete
  2. The King Casino: The New King & The World of Gaming
    The หาเงินออนไลน์ King gri-go.com Casino is https://jancasino.com/review/merit-casino/ the new place where the real herzamanindir.com/ money gambling is legal in Florida 메이피로출장마사지 and Pennsylvania. We love the new casino. We've got some great

    ReplyDelete