දර්ශනය තුළින් බිහි වූ විද්‍යා විෂය ධාරාවක් වන මනෝවිද්‍යාව, මනස හා මානසික ජීවිතය පිළිබඳ ඉගැන්වීම් පාදක කොට ගෙන ගොඩනැඟී තිදබේ. අතීතයේ දී මනෝවිද්‍යාව හඳුන්වා තිබෙන්නේ අධ්‍යාත්මික විද්‍යාව යනුවෙනි. පෙරදිග මෙන් ම අපරදිග චින්තනය තුළ ද අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ජනප්‍රිය විෂය ක්ෂේත්රයක් වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වා දිය හැකි ය. Psyche + logy යන ග්‍රීක හා ලතින් පදයන්ගේ සුසංයෝගයෙන් සකස් වූ Psychology යන වචනය තුළින් මනෝවිද්‍යාව යන්න හඳුනා ගනු ලැබේ. Psyche යනු මනස හෙවත් ආත්මය යි. Logy යනු හැදෑරීම හෙවත් අධ්‍යනය කිරීම යි. ඒ අනුව, Psychology යන වචනයෙන් ආත්මය පිළිබඳ හැදෑරීම හෙවත් මනස පිළිබඳ අධ්‍යනය කිරීම ආදී අරුත් දෙයි.
පැරණි දාර්ශනිකයන් විසින් මනස හා මානසික ස්වභාවය, මානසික ජීවිතය යනු කුමක් ද යන්න පිළිබඳවත්, මනස හා ශරීරය අතර පවතින සම්බන්ධතාව කුමක් ද යන්න පිළිබඳවත්, මනස පුද්ගල චර්යා, ශනවට හා ජීවිතයට බද්ධ වන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් විවිධ ප්රස්තූත ඔස්සේ ගොඩනඟන ලද දාර්ශනික විමර්ශන ඇසුරින් නූතන මනෝවිද්‍යාව සඳහා ප්‍රාථමික පදනම සකස් වෙන්නට ඇතැ යි සිතිය හැකි ය.
ඒ කෙසේ වෙතත්, 15 වැනි සියවස දක්වා ම මනෝවිද්‍යාව පිළිබඳ ව සාකච්ඡා කෙරුණේ දාර්ශනික විෂය ක්ෂේත්රයක් වශයෙන් පමණ යි. නමුත්, 15 වැනි සියවසින් පසු යුරෝපය තුළ ඇති වූ විද්‍යාත්මක පුනරුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මනෝවිද්‍යාව විෂය ක්ෂේත්රය පිළිබඳ නිම්වළලු පුළුල් විය. විශේෂයෙන් භෞතික විද්‍යා ක්ෂේත්රයෙහි ඇති වූ ශීඝ්‍ර දියුණුවත්, මොළය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ දියුණු වීමත් යන හේතු සාධක පදනම් කොට ගෙන නූතන විද්‍යාත්මක මනෝවිද්‍යාව සඳහා අවැසි පසුබිම නිර්මාණය වන්නට ඇතැයි නිගමනය කළ හැක.
භාරතීය චින්තකයන්ට අනුව මනෝවිද්‍යා යනු, පුද්ගල අධ්‍යාත්මය පිළිබඳ අධ්‍යයනය කරනු ලබන සුවිශේෂී දැනුම් සම්භාරයකි. චිත්ත - චෛතසික ආදී අතිශය සංකීර්ණ ගැඹුරු සාධක ඔස්සේ භාරතීය පෙරදිග මනෝවිද්‍යාව විශ්ලේෂණය කෙරේ.
එනමුත්, විද්‍යා විෂය ධාරාවක් ලෙස සංවර්ධ නය වී ඇත්තේ පෙරදිග මනෝවිද්‍යාව නො ව, බටහිර මනෝවිද්‍යාව යි. සොක්රටීස් - ප්ලේටෝ - ඇරිස්ටෝටල් වැන්නවුන් විසින් ඒ සඳහා අවැසි මූලික දාර්ශනික පදනම සකස් කරනු ලැබී ය.
ආත්මය පිළිබඳ ව, මනස පිළිබඳ ව අධ්‍යයනය කිරීම හෙවත් හැදෑරීම මනෝවිද්‍යාව වශයෙන් හඳුනා ගනු ලැබූවත්, නූතන මනෝවිද්‍යාව තුළ මනස පිළිබඳ ව විමසා නො බැලේ. ඊට හේතු වී ඇත්තේ මනස විද්‍යාත්මක නිරීක්ෂණය කළ නො හැකි වීම යි.
ඒ වෙනුවට මනෝවිද්‍යාව යනු, ජීවීන්ගේ චර්යාව පිළිබඳ අධ්‍යයනය කරනු ලබන දැනුම් සම්භාරයක් වශයෙන් නූතන මනෝවිද්‍යාව සංවර්ධනය වී තිබේ.
එනම්, ජීවීන් උත්තේජකවලට ප්‍රතිචාර දක්වන ආකාරය විද්‍යාත්මක ව හැදෑරීම නූතන මනෝවිද්‍යාවේ ප්‍රමුඛත ම කාර්යභාර්ය වී තිබේ.

ස්තූතියි ඔබට!
ReplyDeleteGreat
ReplyDeleteGreat
ReplyDeleteබොහොම ස්තූතියි ..
ReplyDeleteGambling in the UK is legal and a casino game for all
ReplyDeleteIt's no wonder Gambling in the UK is growing so fast in recent years. We call it the "world's largest 충청남도 출장안마 casino" 춘천 출장마사지 in 대구광역 출장안마 the world for 나주 출장샵 gamblers. So, how is 서산 출장마사지 Gambling
Thanks
ReplyDelete